වසර 16කට පසු ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාව අලුත් වෙයි

වසර 16ක් පැරණි ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාව ඇමරිකාවේ දී බිඳ හෙළීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් සමත් වුණා. ඒ,  අමෙරිකාවේ ටෙක්සාස් රිලේස් මලල ක්‍රීඩා තරගාවලියේදීයි. එහි පැවති උස පැනීමේ ඉසව්වේ දී ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කර ගත්තේ උෂාන් තිවංක පෙරේරායි. එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර 2 දශම 28ක්.

උෂාන් තිවංක මෙලෙස බිඳහෙලුවේ 2004 වසරේ දී මංජුල කුමාර විසින් මීටර් 2 දශම 27ක උසක් වාර්තා කරමින් පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා උස පැනීමේ වාර්තාවයි. 2005 වසරේ දී ඔහු එම වාර්තා යළි සම කළා.

උෂාන් තිවංක පෙරේරා අමෙරිකාවේ ටෙක්සාස් හී උසස් අධ්‍යාපන කටයුතු සිදුකරමින් උස පැනීමේ ඉසව්වේ පුහුණුවීම් ද සිදු කරනවා. 22 හැවිරිදි ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි සිසුවෙක්.

Leave A Reply

Your email address will not be published.