තවත් කොරෝනා මරණ 2ක්.. ආසාදිතයන් ගණන 92000 ඉක්මවයි..

ඊයේ (28) දිනයේ තවත් කොවිඩ් 19 මරණ දෙකක් වාර්තාවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තාවී ඇති කොවිඩ් 19 මරණ ගණන 561ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිම පුද්ගලයෙක් සහ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

එසේම මෙරටදී හඳුනාගත් කොවිඩ් 19 ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 92,076ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave A Reply

Your email address will not be published.