සිංහරාජයේ වැව, චමල් රාජපක්ෂ සහ සිහින රාජ්‍යය..

මෙරට වර්ෂාපතනය අනුව භූමිය, තෙත් කලාපය සහ වියලි කලාපය ලෙස බෙදෙන්නේ පණ්ඩුකාභය රජතුමාගේ සැලසුම් සහගත රාජ්ය පාලනය තුළ ය.
ඒ අනුව වියළී කලාපයේ වතුර නැති අඬෝවැඩියාව වසර 2400කටත් වඩා පැරණි ය.එහෙත් ඒ අඬෝවැඩියාව පණ්ඩුකාභය රජතුමාගේ සිට 1815 යටත් වුණ කීර්ති ශ්රී රාජසිංහ රජතුමා දක්වා කිසිදු රජෙක් පයිසෙකට මායිම් කළේ නැත.
රට තුළ ස්වභාවිකව පිහිටි හැම ජල මූලාශ්රයක්ම ආක්රමණය කරමින්,අමුණු හදමින් ජලය තම අභිමතය අනුව කීකරු කරගනිමින් මහා ජලාශද,ලොකු කුඩා වැව්ද,යෝධ ඇල වැනි සුදු ජාතිකයන් හකු පන්නාගත් විශ්මය ජනක වාරි පද්ධති දස දහස් ගණනින් ඉදි කරන්නට රජවරු පියවර ගනු ලැබීය.
එය කොතරම් සැලසුම් සහගතව නොබියව කළේද යත් රට ඇතුළෙන් උපන් කිසිදු දිය පහරකට නිදැල්ලෙ යන්න ඉඩ නොදුන්නා පමණක් නොව අහසින් වැටෙන එකදු දිය බිඳුවක් හෝ මගේ භූමිය නොසලකා මුහුදට ගලන්නට ඉඩ නොදෙමියි අභියෝග කරමින් ස්වභාවික පරිසර සාධක මහජන අවශ්යතාව අනුව පෙළ ගස්සන්නට තරම් රජවරු ජනතාවාදී විය.
ලංකාවේ පළමු වාරි සංකීර්ණය වූ අනුරාධපුර අභය වැව ඇතුළු සියලු වැව් ඉදිකිරීමට රූස්ස ගස්, පත වැල් දහස් ගණනින් බිම හෙලූ අතර මනරම් මිටියාවත් වලවල් හාරා පස් ටොන් ගණනින් ඉවත් කොට සමතලා හෝ ගැඹුරු කරන ලදී.
කපා බිම හෙලන ලද රූස්ස ගස්, කඳන් ලෙස ලී පාලමට, පන්සලේ උලුවස්සට, රාජකීය වැටවල්වලට, ඇත් ඇස් රිය ගාල් වලට යොදාගත් අතර තණකොළ පිරුණු තැනි තලා ගැඹුරට හාරා ලබාගත් පස් වේල්ලටත් පන්සලේ චෛත්යයටත් ඉතිරිය හැලි වළං හදන්න කුඹල් කරුවන්ටත් ලබාදුනි.
සුද්දාගෙන් පස්සේ අපි පස්ස උඩ දදා සම්මත කර ගත්ත පරිසර පණත් අනුව උපරිම දඬුවම් පැමුණිය හැකි බරපතළ පරිසර අපරාධ කල රජවරුන් විසින් අපට ඉතිරි කර දුන් වැව්, පොකුණු, ඇළ, දොළ, ජලාශ නොතිබෙන්නට, රාජකීය ගොඩනැගිලි, චෛත්යය නොතිබෙන්නට අපි තවමත් රතුගල, හෙනානිගල, උහන, දමන, දඹාන ආදී වාසින්ගේ හූරූපොජ්ජන් ය. එහි අවනම්බුවක් නැත, ඒත් සියටැල්ටත් ඔහුගේ පරපුරටත් කෙලෝපු කෙලවිල්ලට 1690 වනවිට අපටත් කෙලවෙලා ය.
හම්බන්තොට, මොනරාගල යනු වියලි කලාපයන්ට අයත් 1988,1999 වසරවල සමාජ අධ්යයන පොතේ තිබු අතිදුශ්කර නොදියුණු දිස්ත්රික්කයන් ය.හම්බන්තොට මොණරාගල ජල සටන ඌව කැරැල්ලේ තිඹිරි ගේ විය. ජලය වෙනුවෙන් තෙරපුම දෲඩ අරගලයක් දක්වා මෝදු වෙද්දී සුද්දා කොළඹින් ඈත පලමු අධිකරණය 1860දී හම්බන්තොට පිහිටෙව්වේය.
දහස් සංඛ්යාත තම පරපුරේ අහිංසක මිනිසුන් කන්න බොන්න උයා පිහාගන්න වගා කරන්න වතුර නැතිව අන්ත අසරණව මලානික වෙද්දී 1927 තරම් ඈතක රාජපක්ෂලා සුදු මහත්වරුන්ගේ පැටිකිරියට අභියෝග කරමින් ජල ජන අරගලය මුවහත් කරන්නට විය.
එහි ප්රතිඵලයක් ලෙස ඌරුබෝක්ක ඇතුළු අමුණු කීපයක් ප්රතිසංස්කරණය කොට නව අමුණු ඉදිකළ ද එය කිසිසේත්ම ප්රමාණවත් නොවීය.
රාජපක්ෂවරුන්ගේ ජල සටනට එවකට මෙරට ප්රධාන විපක්ෂය බවට පත්ව තිබූ වමාංශික ව්යාපාරය එක් වූ අතර රාජ්ය මන්ත්රණ සභාව නියෝජනය කළ දකුණු රට රතු පතාකයන් වූ දොස්තර එස්.ඒ. වික්රමසිංහ ඇතුළු ඇත්තටම ජන දුක දා දිය කඳුළු අත පත ගා සිටි රතු කමිස කාරයෝ ප්රමුඛත්වය ගත්තේය.
දොස්තර වික්රමසිංහට ද මාතර දෙනියාය තම පරපුරේ ජනතාව ගං වතුරෙන් පෙළා කිසිදු කමකට නැතිව මුහුදට ගලා බසිනා අකීකරු ගිං නිල්වලා ගංඟා මෙල්ල කරගැනීමේ ඕනෑකම ද යහමින් තිබුණි. ඒ අතුරු පසටය.එහෙත් ලොකුම ඕනෑකම හම්බන්තොට මොනරාගල මිනිසුන් වතුර වෙනුවෙන් කඳුළු බොන එක නවත්වන්න ය.
වික්රමසිංහයන් 1936 දී රාජ්ය මන්ත්රණ සභාවට ඉතිහාසයක් ඇති අපූරු යෝජනාවක් ගෙනාවේය .ඒ ගාල්ල මාතර ජනතාවට අකීකරු ගිං නිල්වලා ජල හැරවුම් යෝජනාව ය.
සුද්දාගේ ආණ්ඩුව කැමැත්තෙන් නොකැමැත්තෙන් ඊට කැමැත්ත දී විදේශීය සමාගමකට ශක්යතාව සොයා බලන්න දුන්නේය. වාමාංශිකයන් ඊට එතරම්ම සතුටු නොවුණත් වැඩේ ඉස්සරහට ගියේය.
ඒ අතර 1956 දී බලය ලබා ගත් බණ්ඩාරනායක-රාජපක්ශ හවුල ගිරුවාපත්තුවේ ජල අරගලය පළමු අදියරේ ජය ගනිමින් චන්ද්රිකා ජලාශය කරවා මුරුතවෙල ව්යාපාරය හරහා ජලය ලබා දෙන්නට සමත් විය.
නැවතත් 1968 දී ගිං නිල්වලා යෝජනාවේ පියවරයන් ක්රියාත්මක වන්නට විය. සිංහරාජය හරහා ගලා එන ගිං ගඟ විශාල ජල ධාරිතවයක් සාගරයට නිකරුණේ මුදාහරින නිසා ගිං ගඟ පහළ මාදුගැට ගමේ ජලාශයක් කරවීම වඩාත් නිවැරැදි ඵලදායී පියවරක් බව පරීක්ෂණ සමීක්ෂණ අධීක්ෂණ කළ සියලුම දෙස් විදෙස් විෂය ප්රාමාණික බුද්ධිමතුන්ට වැටහී නැවත එය කරළියට පැමිණියේය.
ඔය අතරතුර 1988 දී සිංහරාජය ලෝක උරුමයක් බවට පත්වූයේ අධිපති වාදී බටහිර රටවල් මුළු ලෝකයේ ම වනගහනය 50%කටත් වඩා සාහසික ලෙස මංකොල්ල කා තිබියදීය.
ලෝක උරුමයක් කිරීම නිසා සිංහරාජය ලැබූ ගුණාත්මක කිසිවක් නැත, ආවේණික ශාක කවදත් ආවේණිකය.පසේ හෝ ගහේ කොළේ විශේෂ වෙනසක් සිංහරාජයට වෙන්නේ නැත.
එහෙත් ගස් කොළන්, කඳන් දකින කොට මුස්පේන්තු මහ පෙරේතකමක් ඇති වෙන නරුමයන් ගෙන් ඒක ආරක්ෂා කරන්න රජයකට දේස දේසාන්තර හයියක් ලැබෙන්නේය. ලැබුණේය. අනෙක් පැත්තෙන් රටට ගෞරවයක් කීර්තියක් අභිමානයක් ලැබුණේය.
අධිරාජ්යවාදීන්ට කෙලවන්න, ප්රගතිශීලී ජනතාව දිනවන්න රාජපක්ෂවරුන් එක්ක එකතු උන වික්රමසිංහලා හවුලේ දැක්ක දකුණේ දියවර හීනය සැබෑවක් කරන්න ඩී. ඒ. රාජපක්ෂයන්ගේ වාරි අන්දරය අකුරක් නෑර හිතට ගත් චමල් රාජපක්ෂ අවුරුදු 30කටත් වඩා කාලයක් තිස්සේ ඔට්ටු අල්ල අල්ලා හිටියේය.
1989 සිට ගෙවුණු අවුරුදු 32 කාලය තුළ ඔහු දැදුරුඔය, උමාඔය, රඹකැන් ඔය, මවුආර ජලාශය වැනි දැවැන්ත වාරි සහ බහුකාර්ය සංවර්ධන ව්යාපෘති සදහා නායකත්වය ගත්තේය. වරෙක දැදුරුඔය මුල් අදියරේ දී ප්රකෝප ගන්වන ලද පිරිසක් ඔහුව ඇපයකට ගැනීමට උත්සාහ දැරුවේ ය.අද ඒ මිනුවන්ගැටේ ජනතාව ඔහුව ආදරයෙන් පිළිගන්නේ පියෙක් හා සමානවය. මවුආර ජනතාව තමන් භුක්ති විදින පානීය සහ වාරි ජල වින්දනය අනුව චමල් රාජපක්ෂයන් මවුආර දෙවියන් ලෙසද සලකා ප්රසංසා කරත්.
කෙසේ නමුත් මෙරට සුද්දගේ පාලනය තහවුරු කළ වසරේ ඉඳන් අද දක්වා වැඩිම ජලාශ,වැව්,පොකුණු හදපු පරිණත දේශපාලකයා චමල් රාජපක්ෂය.ඇළට දොළට සතා සීපාවාට අසීමිත ලෙස ආදරය කළ චමල් රාජපක්ෂ ඊයේ පෙරේදා ඉඳලා සමාජ මාධ්යවලින් වගේම දොස්තර එස් ඒ වික්රමසිංහලාගෙන් පාට අඳුන ගත්ත වික්රමසිංහලා ගේ මුණුපුරාලා, වික්රමසිංහලා වගේම රටේම වාමාංශිකයන් නිරුවතින් එල්ලන්න යෝජනා කරපු එස්මන්ඩ් වික්රමසිංහලාගේ නිත්ය නියෝජිතයන් ගේ දැඩි ප්රහාරයට ගොදුරු වී සිටී.
එස්.ඒ.වික්රමසිංහයන් ගේ සමාජවාදී රිලේ බැටන් එක අතට ගත්ත අනුර කුමාර දිසානායකලා රනිල් වික්රමසිංහ ගේ ඔඩොක්කුවේ ඉඳගෙන රෝහණ විජේවීර ට ආදරය කළ කොල්ලන්ට කෙල්ලන්ට ජීවිත බේරගන්න 1971 දී උදව් කරපු චමල් රාජපක්ෂට ගල් කැට විසි කරන්නේ සිංහරාජය රක්ෂිතයේ ගලා බසින ගිංගඟේ වැඩි ජලයෙන් ජලාශයක් හදන්න හොඳයි කියන අවුරුදු ගාණක් පරන අනුන්ගේ යෝජනාවක් ගැන ප්රසිද්ධියේ හිතට එකඟව කතා ජල නිසාය.
යෝජනාවට අවුරුදු 90කටත් වඩා වයසය.එතකොට අනුර කුමාරලා සජිතලා කෙසේ වෙතත් චමල් රාජපක්ෂ ද ඉපදී නොමැත,යෝජනාව තාමත් යෝජනාවක් මය.2019 ජයග්රහණයත් සමග ආපහු වාරිමාර්ග අමාත්යවරයා වන චමල් රාජපක්ෂ රට පුරා අක්රීය ව තිබෙන ග්රාමිය වැව් අමුණු හා ඇල මාර්ග 5000 ක් ප්රතිසංස්කරණය කිරීමේ ජාතික වැ ඩසටහන වාරි සෞභාග්යයා නමින් පටන් ගත්තේ වාරි ඉතිහාසයේ ස්වර්ණමය යුගය බිහි කරන්නය.
අවසන් නොවූ සම්පූර්ණ නොවූ දකුණු ලක ජල සිහිනය යථාර්ථයක් කරගැනීමට විවෘතව අදහස් පළ කළ චමල් රාජපක්ෂයන් ඉතාම පැහැදිලිව පැවසුවේ ලෝක උරුමයක් වෙච්ච සිංහරාජය තුළ ගමක ගම්මානයක අසලින් ගලා බසිනා ගිංගඟ දකුණු ඉවුරේ අක්කර පහක ජලාශයක් හදන්න අවසර දෙනවා නම් ඒ අක්කර පහ දහය වෙනුවට තව අක්කර 100ක වනවගා කර දෙන්නම් කියාය.අවසර නොදේ නම් ඊට එහා ගිං ගඟ ගැන ඔහු බලාපොරොත්තු තියා නොගන්න බවද ඔහු ඉඟි කළේය.
සිංහරාජය ලෝක උරුමය ගැන චමල් රාජපක්ෂ ට ඇති කැක්කුම ආපහු ආණ්ඩුවක් ගන්න රටේ නැති සංකල්ප හොයන අයට වැටහෙන්නේ නැත. ඔය අයියලා දන්නේ නැති බොහෝ දේවල් චමල් රාජපක්ෂ ගැන හොයන අයට හොයා ගත හැකිය.ඉන් ප්රධාන දේ නම් ශ්රී ලංකාවේ 9 වන ලෝක උරුම යෝජනාවේ අයිති කරු ඔහුය.
වසර 2400 ක් ඉපැරැණි ලංකාවේ පළමු සැලසුම් සහගත වාරි කර්මාන්තය වන අනුරාධපුර ඓතිහාසික අභය වැව ලෝක උරුමයක් ලෙස සලකන ලෙස යුනෙස්කෝව දක්වා ගිය යෝජනාව ඔහුගේ ය.තව අවුරුදු තුනකින් ශ්රී ලංකාවට එකතු වෙන ලෝක උරුම ජාතික වස්තුව අභය වැව වන අතර ලෝකයේ පුදුමයක් වන යෝධ ඇල ජාත්යන්තරයට ගෙනයන්න පිඹුරුපත් සකසා ඇත්තේද මේ චමල් රාජපක්ෂම ය.
ගිංගඟ ඉහත්තාවේ ජලාශ යෝජනාව චමල් රාජපක්ෂ ගේ නොවූව ද ඔහු ඒ ගැන විවෘත සමාජය ඉදිරිපිට අමුවෙන්ම දිග හැරියේ ඇත්ත සමාජගත කොට දිය වෙනුවෙන් ජීවිතය කැප කරන ලක්ෂ සංඛ්යාත ජනතාවක් සනසන්නට ය.එහෙම නැතිව මැදමූලනට වතුර බැරලයක් ගන්න නොවන බව රටම දනී.
මේ පුරාණ යෝජනාව ම නම් චමල් රාජපක්ෂලාට කරන්න ඕනේ ඒක දාහකට දෙදාහකට අමුඩ ගස්සලා ගොවීන් වගේ කොටුව දුම්රිය පොලට එවන්නේ නැතිව,දෙකේ පන්තියේ තුනේ පන්තියේ කිරිසප්පයන්ට රතු අන්දලා බෝඩ් අතට දීලා විහාරමහාදේවි උයන වටේ කරක් ගස්සන්න ඕනේ නැත.තමන්ට බොන්න,තමන්ගේ දරුවන්ට බොන්න පිරිසිදු වතුර වෙනුවෙන් ජීවිතය දෙකට තියලා කතරගම ඉඳලා කොළඹට වෙනකම් පාද යාත්රා,අත්වැල්,ජන පෙරහරවල්,මිනිස් දම්වැල් විතරක් නොව දකුනේ හැම හන්දියක් ගානේම ජන රැලි තියන්න පුළුවන් ජලය නොමැති නිසා දුක් විඳින ලක්ෂ සංඛ්යාත ජනතාවක් දකුනේ ඉන්නේ ය.එහෙත් එහෙම නොකරන්නේ සිංහරාජයට හානී වේ කියන චින්තනය නිසා ය.
හරි හෝ වැරදි, හොඳ හෝ නරක චමල් රාජපක්ෂ එලිපිට කතා කළේ වසර 100ක් පුරාවට පරම්පරා ගාණක් දුක් විඳින කරුණක් ගැන රක්ෂිත සීමාවේ ගම්මානයක අක්කර පහක් ගැන ය. එසේ වුව ද යෝජනාවේ දිග පළල ගැඹුර නොසොයා චමල් රාජපක්ෂ ත් ඔහු නියෝජනය කරන ආණ්ඩුවත් පැය 24 න් ගෙදර යවන්න කොළඹ විහාරමහා දේවි උද්යානයට වැදි නැටුම් නටමින් ආවේ මරු සෙට් එකක් ය.
හරියට රට මැද තීරූවකට අයත් ව තිබූ වැව්,පොකුණ,ගංඟා,ඔය, ඇළ දොළ,රූස්ස ගස් සහිත රක්ෂිත,මහ පොලවේ වටිනා රන් මුතු මැණික් මිනි රන් ආකර සහිත අක්කර දොළොස් ලක්ෂයක් (1200000) අමු අමුවේ සින්නකරම ඇමරිකාවේ මිලනියම් කොන්සෝර්ටියම් කෝපරේෂන් නොහොත් MCC එකට ලියා දෙන්න ගිවිසුම් ගහපු එජාප සජබෙත් ඒ ගිවිසුම් ගහන කම් කට පුක වහගෙන මහින්ද රාජපක්ෂගේ කුස්සි අස්සේ රත්තරන් වලදාලා කිවූ ජෙප්පොත් ගෝඨාභය අමෙරිකන්කාරයෙක් කියලා පුප පොළොවේ අතුල්ල අතුල්ල කෑ මොර දුන්න යහපාලන NGO කුක්කොත් කියලා වැඩි චන්ද ලක්ෂ 14 කින් පැරදුන සෙට් එක නේද කියලා පෙනෙන කොට සජිත් මයාගේ සිහින රාජ්ය මේ කපේට හරි යන්නේ නෑ කියා දැනුණි.
– මුහුණුපොතෙන්

Leave A Reply

Your email address will not be published.