ජනතා විමුක්ති පෙරමුණට ගොඩයන්න පුළුවන්! – විමල් කියයි

ජනාතා විමුක්ති පෙරමුණට ගොඩයාමට හැකි බවත්, නමුත් තමන්ට ඊට උවමනාවක් නොමැති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (16) කොළඹ මහජන පුස්තකාලයේදී පැවැති බුද්ධ නම් කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණට ගොඩ ඒමට පුළුවන් හැකියාවක් පවතින බව ද අමාත්‍යවරයා එහිදී නැවතත් අවධාරණය කළේය.

“රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගන්නකොට 1989 නොවැම්බර් මාසයේ. ඔහු ආපහු හැරිලා ගිහිල්ලා ඔහුගේ බිරිඳගෙන් ඉල්ලීම් තුනක් කරනවා. එක ඉල්ලීමක් දරුවන්ගේ ආගම වෙනස් කරන්න එපා කියලා. රෝහණ විජේවීර සහෝදරයා බැන්දේ කතෝලික ආගම අදහන ලද පවුලක දියණියක්. රෝහණ විජේවීර වගේ චරිතයකට දරුවන්ගේ බුද්ධාගම වටින්නේ කොහොමද? මෙන්න මේ ප්‍රශ්නේ තේරුම්ගන්න පුළුවන් නම් ජනතා විමුක්ති පෙරමුණට ගොඩයන්න පුළුවන්. මට නම් ඕන කමක් නෑ ගොඩදාන්න.” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.