යාපනය සිට චෙන්නායි දක්වා ඍජු ගුවන් ගමන් කඩිනමින් අරඹන්න සැලසුම්..

කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ යාපනය – චෙන්නායි ඍජු ගුවන් සේවා කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රත්මලාන – යාපනය සහ මඩකලපුව අතර අභ්‍යන්තර ගුවන් සේවාද කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ය.

“සංචාරක ගුවන් බුබුල“ සංකල්පය යටතේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

මේ අතර  ජනාවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ සංචාරකයින් 4000ක් පමණ දිවයිනට පැමිණ ඇති බව ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළවල මෙහෙයුම් කටයුතු ඉතාමත් කාර්යක්ෂමව සිදුවන බව ය.

Leave A Reply

Your email address will not be published.