ඉන්දියානු සිනමාව තුළ වඩාත් ජනප්‍රියත්වයට පත් නළුවෙකු වන මිතුන් චක්රබෝති ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය සමඟ දේශපාලන සඳහා එක්ව තිබේ.
මෙම එකතුවීමට හේතුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණය බවට ඉන්දීයානු මාධ්‍ය වාර්තා කරයි.
දේශපාලනයට එකතුවෙමින් 70 වැනි වියේ පසුවන මිතුන් චක්රබෝති මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් පවසා තිබුණේ “ඔබට මාව ආත්මාර්ථකාමී කෙනෙක් ලෙස නම් කළ හැකියි. නමුත් මගේ ආත්මාර්ථකාමිත්වයට හේතුව මට දුප්පතුන් සමඟ සිටීමට අවශ්‍යවීමයි. ඔවුන් වෙනුවෙන් සටන් කිරීමට මට අවශ්‍යයි” යනුවෙනි.
මීට අමතරව ඉන්දීයානු දේශපාලනය තුළ ඉන්දීය සිනමා ක්ෂේත්රයේ ජනප්‍රිය නළු නිළියන් රැසක් සිටියි.
ඉන්දීය දමිළ සිනමාවේ දෙවියන් ලෙස හඳුන්වනු ලබන රජිනි කාන්ත් ද ඉන්දීය දේශපාලනය පිවිස නමුත් පසුව ඔහු එයින් ඉවත් විය.