රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නක්.. ගින්න පාලනයට ගුවන් හමුදාවත් එක්වේ..

බදුල්ල, රාවණා ඇල්ල රක්ෂිත ප්‍රදේශයේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදා සහාය ලබාගෙන ඇත.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා යෙදවූ බවය.

ආපදා කළමනාකරණ ඒකක, යුධ හමුදාව, පොලීසිය ඇතුළු පාර්ශ්වයන් ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා එක්ව සිටි.

ඊයේ (05) රාත්‍රීයේ මෙම ගින්න හටගෙන තිබුණි.

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ බොහෝ ප්‍රදේශවල ගිනි තැබීම් වාර්තා වනඅතර එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා ප්‍රදේශයේ ජනතාවගෙන් සහයෝගය අත්‍යවශ්‍ය බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානී වී.එම්.එල් උදයකුමාර මහතා පැවසීය.

Leave A Reply

Your email address will not be published.