හැකි නම් පලාත් සභා මැතිවරණය පවත්වා දිනා පෙන්වන්න..-ශ‍්‍රීලනිපයෙන් පොහොට්ටුවට අභියෝගයක්.

හැකි නම් පළාත් සභා මැතිවරණය පවත්වා ඉන් ජයගෙන පෙන්වන්නැයි පොහොට්ටුවට ට අභියෝග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක රොෂාන් ගුණවර්ධන මහතා පවසනවා.

ජනාධිපතිවරණය මෙන්ම මහ මැතිවරණයද නිදහස් පක්ෂයේ සහාය ඇතිව ජයග්‍රහණය කළ පසු දැන් ඒ ගැන කිසිදු තැකීමක් නොකර පොහොට්ටුව කටයුතු කරන බව යි ඔහු කියා සිටින්නේ.

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් හෝ ජනාධිපතිවරයා මුණ ගැසීමට පවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ට නොහැකි වී ඇතැයිද ඔහු කියා සිටිනවා.

ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය සමයේ පොහොට්ටුවට තිබූ ජනප‍්‍රියත්වය අද නැති වී ගොස් ඇතැයිද ඔහු පවසනවා.

යු ටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පල කර තිබෙන්නේ.

Leave A Reply

Your email address will not be published.