කොවිඩ් මරණ ගණන 476ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තාවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 476ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාත්තාවක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පිරිමි  පුද්ගලයෙක් සහ පුජාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.

Leave A Reply

Your email address will not be published.