සජිත ඇන්තනීට සහ බිරිඳ බුවිනිට කොවිඩ් පොසිටිව්!

තමාට සහ තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනයවී ඇතැයි ජනප්‍රිය රංගන සජිත අනුත්තර ඇන්තනී පවසයි.

සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ඊයේ (20) සිදු කළ PCR පරීක්ෂණයකින් මෙය තහවුරුවී ඇති බව ය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කළ අතර සමීප ආශ්‍රිතයන් සොයාගැනීමට ද කටයුතු කර ඇතැයි සජිත අනුත්තට සිය ෆේස්බුක් සටහන මගින් දන්වා තිබේ.

සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව මේවන විට නිරෝධායනයට ලක්වෙමින් සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Leave A Reply

Your email address will not be published.