විමල්ට විපක්ෂයට එන්න කිව්ව පලියට ඔහු එන්නෙ නෑ.. ඒකට ක්‍රමයක් තියෙනවා.. – රාජිත

විමල් වීරවංශ මහතාට විපක්ෂයේ පැත්තට එන්න කිව්ව පලියට ඔහු එතැන ඉඳන් මෙතැනට එන්නේ නැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම වත්මන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.

විමල් වීරවංශ මහතාට එන්න කියනවා නම් කිව යුත්තේ ඉහළ මට්ටමකින් බව ද සේනාරත්න මහතා පෙන්වා දෙයි.

විමල් වීරවංශ මහතා චරිතයක් මෙන්ම පොදුජන පෙරමුණේ සිටින ආකර්ෂණීය ම දේශපාලන චරිතය බව පෙන්වා දෙන සේනාරත්න මහතා විරවංශ මහතා සමග කතා කළ යුතු දේශපාලන භාෂාවක් තිබෙන බව ද සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.