තවත් කොරෝනා මරණ 5ක්.. සමස්තය 384යි..

ඊයේ (12) කොවිඩ් මරණ 05ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 384කි.

මෙලෙස මියගොස් ඇත්තේ කොටගල ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මතුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

 

Leave A Reply

Your email address will not be published.