කොවිඩ් ආසාදිතයන් 942ක් සහ මරණ 04ක්..

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයන් 942දෙනෙකු වාර්තාවී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ. ඊයේ දිනයේ වාර්තාවූ ආසාදිතයන් 939දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් ද තිදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන් ද බව සඳහන්.

මේ අතර ඊයේ දිනයේ දී තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් මෙරටින් වාර්තාවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 379ක්.

ඊයේ දිනය වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 73,116ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 66,211ක්. දැනට රෝහල් ගතව සිටින ආසාදිතයන් සංඛ්‍යාව 6,526ක් වනවා.

Leave A Reply

Your email address will not be published.