කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව කිසිඳු තොරතුරක් සැඟවීමට රජයට කිසිඳු අවශ්‍යතාවක් නෑ..

කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව කිසිදු තොරතුරක් සැඟවීමට රජයට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනි පුනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවසුවාය.

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයක් යොමු කළ පාර්ලිමේන්තු හේෂා විතානගේ මහතා පැවසුවේ රජය කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව අසත්‍ය තොරතුරු ජනමාධ්‍ය මඟින් ලබාදීමට කටයුතු කරන බවයි.

මරණ සංඛ්‍යාව සහ නව ආසාදිතයන් සංඛ්‍යාව සැඟවීමට රජය කටයුතු කරන බවට හෙතෙම චෝදනා කළේය.

නව ආසාදිතයන් වාර්තා වන අතරම, සුවවූ ආසාදිතයන් රෝහල්වලින් පිටව යාම ද එක විට සිදුවන බැවින් සංඛ්‍යා දත්ත සියල්ල නිවැරදි බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනි පුනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කළාය.

රෝගය පාලනය කිරීම සඳහා ගතයුතු සෑම පියවරක් ම රජය ගෙන ඇති බවද ඇය සඳහන් කළාය.

Leave A Reply

Your email address will not be published.