බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළි පවුලක් වන කපූර් පවුලේ සාමාජිකයකු වන නළු රජිව් කපූර් ඊයේ (9) අභාවප්රාප්තවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
චිත්‍රපට නිෂ්පාදකයකු සහ අධ්යක්ෂවරයකු වන රජිව් කපූර් ඉන්දීය සිනමාවේ විශිෂ්ටත ම රංගධරයා ලෙස සැලකෙන රාජ් කපූර්ගේ බාල පුතුණුවන් ද වේ. ඔහු රන්දීර් කපූර් සහ රිෂී කපූර්ගේ සොහොයුරා ද වේ. රජිව් කපූර් මිය යන විට 58 හැවිරිදි වියේ පසුවිය.
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති රජිව් කපූර් ඉන්ලක්ස් රෝහලේ දී මරණයට පත්ව ඇත. රජිව් කපූර් ඉන්දීය සිනමාවට සම්බන්ධ වූයේ 1983 වසරේ දී ය. ‘‘ඒක් ජාන් හයින් හම්’’ ඔහුගේ මුල් ම චිත්‍රපටය විය. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ 1985 වසරේ තිරගතවූ ‘රාම් තේරි ගංඟා මයිලි’ චිත්‍රපටයෙනි.