මන්ත්‍රීවරියගෙන් පහර කෑ සභාපති රෝහලේ

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් පහරදුන් බවට පවසමින් කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතා අද (27) දින කන්දකැටිය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

පහරකෑමට ලක්වීමෙන් තුවාල ලබා ඇති කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතා අද දහවල් කන්දකැටිය රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වෙමින් තිබිය දී සභාපතිවරයා සහ අදාළ මන්ත්‍රීවරිය අතර බහින්බස්වීමක් සිදුවී ඇති අතර පසුව සභා ගර්භයෙන් පිටතට පැමිණ සිටිය දී මෙම පහරදීම සිදුවී ඇත.

අදාළ පහරදීම සිදුකළ බවට චෝදනා එල්ලවී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේම කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකට ය.

පහරදීමට නිශ්චිත හේතුවක් මේ දක්වා අනාවරණයවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය විමර්ශන සිදුකරයි.

Leave A Reply

Your email address will not be published.