ප්‍රදේශ කිහිපයක් නිදෙහස් වන විට මිනුවන්ගොඩ ප්‍රදේශ 04ක් හුදෙකලා කෙරේ

මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ ජුම්මා මස්ජිඩ් මාවත, හිද්‍රා මාවත, අලුත් පාර හා අකරගොඩ යන ප්‍රදේශ හුදෙකලා කර තිබෙනවා. ඒ, අද පස්වරු 06 සිටයි. කෙසේවෙතත්, මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව නැගෙනහිර හා ගල්ඔලුව බටහිර යන ප්‍රදේශවලට පැනවූ හුදෙකලා තත්ත්වය අද පස්වරු 06 සිට ඉවත් කෙරුණා.

එමෙන්ම වැල්ලවත්ත පොලිස් වසමේ නසීර් වත්ත ප්‍රදේශයට පැනවූ හුදෙකලා තත්ත්වය ද ඉවත් කර තිබෙනවා. නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්වල වාරණ පන්සල පාර, කත්තොට පාර හා හිද්‍රා මාවතට ඇතුළු වන ප්‍රදේශවලට පැනවූ හුදෙකලා තත්ත්වය ද ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 841දෙනෙකු හඳුනාගැනුණා. ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 58,428 ක්.

මේ අතර නව්‍ය කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා ආසාදිතයන් 423දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගියා. ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනයවී මේවනවිට මෙරට දී පූර්ණ සුවය ලබා ඇති පුද්ගලයන් සංඛ්‍යාව 49,684ක්. කොරෝනා ආසාදිතයන් 8,464දෙදෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Leave A Reply

Your email address will not be published.