කොවිඩ් 19 මරණ 280 දක්වා ඉහළට

අද (23) තවත් කොවිඩ් 19 මරණ දෙකක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 280කි.

එසේ මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ රණාල ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවකි.

මරණ දෙක ම හෝමාගම මූලික රෝහලෙන් වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.