බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති පැවැත්වීමට අවසර

හෙට සිට බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති පැවැත්වීමට අවසර හිමිවී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති නියමකර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවැත්වීමට අවසර ලබා දී ඇති බවය.

කෙසේවෙතත් බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ඔහු සඳහන් කළේය.

උපකාරක පන්ති පැවැත්වීමට අදාළ කරුණු ඇතුළත් චක්‍රලේඛය පසුගිය 16 වනදා නිකුත් කෙරුණි.

ඒ අනුව උපකාරක පන්තියකට සහභාගී කරගත හැක්කේ අසුන් ගැනීමට තිබෙන ආසන සංඛ්‍යාවෙන් සියයට 50ක ප්‍රමාණයක් හෝ උපරිම ළමුන් 100දෙනෙකු දක්වා පමණක් බව අදාළ චක්‍රලේඛයෙන් නිර්දේශකර තිබේ.

එමෙන්ම උපකාරක පන්ති මෙවර විභාගයට පෙනී සිටින අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා පමණක් විවෘත කරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Leave A Reply

Your email address will not be published.