මැතිව්ස්ගේ 11 වන ටෙස්ට් ශතකය

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ලේ දී ඊයේ ආරම්භ වුණා.

වෙනස්කම් කිහිපයක් සමගින් තරගයට පිවිසුණු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් අද (22) ටෙස්ට් වරම් හිමිකර ගත්තා.

පසුගිය තරගයට ක්‍රිඩා කළ වනිදු හසරංග කුසල් මෙන්ඩිස් හා දසුන් ශානකට කණ්ඩායමේ ස්ථාන අහිමිවී ඇති අතර ඒ වෙනුවට සුරංග ලක්මාල්, ඕෂධ ප්‍රනාන්දු හා රමේෂ් මෙන්ඩිස්  කණ්ඩායමට එක්ව සිටිනවා.

තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ ද ශ්‍රී ලංකා පළමු කඩුලු දෙක ලකුණු 7ක් තුළ දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා. තුන්වන කඩුල්ල වෙනුවෙන් ළහිරු තිරිමාන්න සමග එක්වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 69ක සබඳතාවක් ගොඩනැගුවා. ළහිරු තිරිමාන්න ලකුණු 43ක් ලබා සිටියදීයි දැවී ගියේ.

ඉන්පසු පිටියට එක්වූ නායක දිනේෂ් චන්දිමාල් ලකුනු 52 ක් රැස්කර ගැනීමට සමත්වුණා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 107ක් ලබාගෙන සිටිනවා. ඒ ඔහුගේ 11වන ටෙස්ට් ශතකය වන අතර එංගලන්තයට එරෙහිව ලැබූ තුන්වන ටෙස්ට් ශතකයයි.

දිනය නිමා වන විට ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 4ක් දැවී ලකුණු 229ක් රැස් කර ගැනීමට සමත්ව සිටියා. මැතිව්ස් සමග නොදැවී කඩුල්ලේ රැදී සිටින්නේ නිරෝෂන් දික්වැල්ලයි.

Leave A Reply

Your email address will not be published.