චීනයේ අයිස්ක්‍රීම් තුළින් ද කොරෝනා වෛරසය හමුවෙයි..

වෛරසය සහිත අයිස්ක්‍රීම් පෙට්ටි 4800ක්!

චීනයේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පර්යේෂණයක දී එහි තිබී කොරෝනා වෛරසය හමුවී ඇති අතර ඒ හරහා මනුෂ්‍යයන්ට වෛරසය ආසාදනයවී ඇත්ද යන්න සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය බලධාරීන් විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඊසාන දිග චීනයේ පිහිටි ටියැන්ජින් නගරයේ නිපදනවන ලද අයිස් ක්‍රීම් සාම්පල් තුනක් ඇසුරෙන් කරන ලද විද්‍යාගාර පර්යේෂණයක දී මෙලෙස ඒ මත වෛරසය රැඳී ඇති බවට හෙළිවී ඇත.

ටියැන්ජින් නගරයේ පිහිටි ඩකියාඩෝ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සකස් කරන ලද අයිස්ක්‍රීම් පෙට්ටි 4,836ක් වෛරසයට නිරාවරණයවී ඇති අතර ඉන් ඇසුරුම් 2,089ක් මේ වන විට ගබඩාවල ඇසුරුම් කර තිබෙනවා. ඉතිරි අයිස්ක්‍රීම් ඇසුරුම්වලින්  1,812ක් වෙනත් පළාත්වලට යවා ඇති අතර අනෙක් ඇසුරුම් 935ක් දේශීය වෙළෙඳපොළට මුදාහැර ඇති අතර ඉන් 65ක් විකුණා ඇති බවට හෙළිවී ඇත.

මෙම අයිස්ක්‍රීම් නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇත්තේ යුක්රේනයේ කිරි සහ නවසීලන්තයේ තිරිඟු පිටි වන අතර මෙම අයිස්ක්‍රීම් මිලදී ගනු ලැබූ පුද්ගලයන්ට තමන්ගේ සංචරණයන් සීමා කරන ලෙසට චීන සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබෙනවා.

මෙම අයිස්ක්‍රීම් නිපදවූ කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවකයන් 1662දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කොට ඇති අතර ඔවුන්ව අද දිනයේ දී PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත ය.

ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ වෛරස් විද්‍යාඥයෙකු වන ආචාර්ය ස්ටීවන් ග්‍රිෆින් පැවසුවේ අයිස්ක්‍රීම් තුළ තිබී කොරෝනා වෛරසය හමුවූයේ එය මිනිසුන් හරහා සම්ප්‍රේෂණයවීමෙන් සිදුවන්නට ඇති බවයි.

අයිස්ක්‍රීම් මේදය සමඟ සාදා ඇති අතර එය සීතල උෂ්ණත්වයක ගබඩා කර තිබීම වෛරසය ඒ තුළ ආරක්ෂාකාරීව රැඳී සිටීමට පහසුවෙන් හැකියාව ඇති බවයි ආචාර්ය ස්ටීවන් ග්‍රීෆින් ප්‍රකාශ කර සිටියේ.

Leave A Reply

Your email address will not be published.