අපනයන නිෂ්පාදන ගම්මාන 1000ක් ඇතිකරනවා – ඇමති බන්ධුල

අපනයනය ගම්මාන දහසක් වැඩපිළිවෙළ සාර්ථක කර ගනිමින් අපනයන ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පොදු ජන පෙරමුණට වසර 4 ක් සපිරීම නිමිත්තෙන් සිව් දෙස සුරැකි සිව්වසර යන තේමාව යටතේ දිවයින පුරා මෙවැනි සැමරුම් උත්සව පැවැත්වෙනවා.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මිලාන් ජයතිලක මහතායි. ග්‍රාමසේවා වසම් 91ක තරුණ තරුණියන් පිරිසක් සමුළුවට එක්ව සිටියා.

Leave A Reply

Your email address will not be published.