ඉන්දුනීසිනු ජනපතිත් කොවිඩ් 19 එන්නත ලබාගනී

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ විසින් ද කොවිඩ් එන්නත ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දුනීසියාව විසින් චීන නිෂ්පාදිත COVID-19 එන්නත ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර ඇත.

විඩෝඩෝ ජනාධිපතිවරයාට පසුව, ඉහළ හමුදා, පොලිස් සහ වෛද්‍ය නිලධාරීන්ට මෙන්ම ඉන්දුනීසියානු උලෙමා කවුන්සිලයේ ලේකම්වරයාට ද එන්නත ලබා දී තිබේ.

“මෙම එන්නත අපව ආරක්ෂා කිරීමට භාවිතා කළ හැකි මෙවලමයි. නමුත් වඩා වැදගත් දෙය නම්, මෙම එන්නත අපගේ පවුල, අපේ අසල්වැසියා, ඉන්දුනීසියානු ජනතාව සහ මානව ශිෂ්ටාචාරය ආරක්ෂා කිරීමේ මෙවලමයි ”යනුවෙන් එරට සෞඛ්‍ය අමාත්‍ය බුඩි ගුණඩි සාඩිකින් පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.