දකුණු සහ අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද (14) පස්වරුවේ විවෘත කෙරුණි.
මෙම නව කර්මාන්තශාලාව හොරණ, වගවත්ත අපනයන සැකසුම් කලාපයේ ඉදිකර තිබේ.
අති නවීන යුරෝපීය තාක්ෂණ ක්රමවේදයන්ගෙන් යුක්ත මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනවලින් වැඩි ප්රමාණයක් අපනයනය ඉලක්ක කරගනිමින් නිපදවේ.
කුඩා මෝටර් රථවල සිට දැවැන්ත බර වාහන දක්වා සියලු කාණ්ඩයේ ටයර් මෙම කර්මාන්තශාලාවේදී නිෂ්පාදනය කිරීමට නියමිතය.
මේ යටතේ රැකියා විශාල ප්රමාණයක්ද උත්පාදනය වේ.