බස්නාහිර දෛනික ආසාදිතයන් 454ක්

කොවිඩ් – 19 වෛරසය ආසාදිත පුද්ගලයන් 692දෙනෙකු ඊයේ (13) දිනය තුළ අලුතින් හඳුනාගෙන ඇත.

ඒ අතරින් පුද්ගලයින් 05දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් ය.

ඉතිරි පුද්ගලයින් 687දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් වේ.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථාවී තිබේ.

ඒ ආසාදිතයින් 223ක් ලෙසය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 119ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 112ක් හඳුනාගෙන තිබේ.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ කොවිඩ් – 19 වෛරසය ආසාදිත සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 46,435 වේ.

ඉන් පුද්ගලයින් 40,509දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාදනයවූ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 50,231 ක් වන අතර ඉන් පුද්ගලයන් 43,266ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,718දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.

මෙරට තුළ සිදුව ඇති කොවිඩ් – 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 247කි.

නව ආසාදිතයන් හඳුනාගත් ප්‍රදේශ පහතින්,

කොළඹ – 223
ගම්පහ – 119
කළුතර – 112
මාතලේ – 34
ගාල්ල – 18
මහනුවර – 17
කුරුණෑගල – 17
වව්නියාව – 16
කෑගල්ල – 14
අම්පාර – 13
රත්නපුරය – 10
ත්‍රීකුණාමලය – 08
මඩකලපුව – 08
මාතර – 07
නුවරඑළිය – 07
අනුරාධපුරය – 04
පුත්තලම – 02
හම්බන්තොට – 02
පොළොන්නරුව – 01

පදිංචිය නිශ්චිතව තහවුරු නොකළ – 55

Leave A Reply

Your email address will not be published.