රන්ජන් පිළිබඳව සමගි ජන බලවේගය ගන්නා තීරණය

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ සිරදඩුවම සහ ඒ සම්බන්ධයෙන් ගත හැකි කි‍්‍රයාමාර්ග පිළිබද සිය පක්‍ෂයේ නීතිඥයන්ගෙන් උපදෙස් ලබාගන්නා බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර පවසයි. මාධ්‍යට අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා කියාසිිටියේ සිය පක්‍ෂයේ නීතිඥ කණ්ඩායම ලබාදෙන උපදෙස් අනුව පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡා කරන බවයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකට, ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ වසර 4ක බරපතළ වැඩසහිත සිරදඩුවමක් නියම කළේ අධිකරණයට සහ නීතිඥවරුන්ට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින්. අදාළ නඩුව විභාගයට ගැනුණේ සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ පි‍්‍රතිපත්මන් සූරසේන යන ති‍්‍රපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

ශී‍්‍ර ලංකාවේ බහුතර විනිසුරුවරුන් සහ නීතිඥවරුන් දූෂිත බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මාධ්‍යයට ප‍්‍රකාශ කර ඇති බවත්, එම ප‍්‍රකාශය ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට දී පවා තහවුරු කර ඇති බවයි තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් විනිසුරු සිසිර ද ආබෲ කියාසිටියේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් එම තීන්දුව කිසිදු අධිකරණයක දී යළි අභියෝගයට ලක් කිරීමට හැකියාවක් නැහැ. රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා යම්කිසි සමාවක් හිමිවන්නේ නම් ඒ, ජනාධිපති සමාව යටතේ බවයි නීතිඥවරුන් පෙන්වාදෙන්නේ.

මේ අතර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකගේ නිදහස වෙනුවෙන් නීත්‍යානුකූලව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අරගල කරන බවයි. කිසිවිටෙකත් රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා අත්නොහරින බව ද එම සටහනේ දක්වා තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.