කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් 463දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ අද (13) සිදුකර තිබේ.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී මෙම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරුණේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවීමත් සමඟ ය.
එසේම, අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාට ද කොරෝනා වෛරසය ආසාදනයවී තිබූ අතර, ඔවුන් ජනවාරි මස 05 වැනිදා ආරම්භ වූ පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තුවට පැමිණ තිබිණි.
ඒ හේතුවෙන් ඔවුන්ගේ ආශ්රිතයන්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31දෙනෙකු පාර්ලිමේන්තුවේ සී.සී.ටී.වී. දර්ශන මගින් හඳුනාගත් ගත් අතර, පසුව ඔවුන්ට ස්වයං නිරෝධායනයට ලක්වී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ගන්නා ලෙස දැනුම් දී තිබේ.