එංගලන්ත ටෙස්ට් තරගාවලියට නම් කළ ශී‍්‍ර ලංකා සංචිතය මෙන්න

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා සංචිතයට නම්කර තිබෙනවා. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් කී‍්‍රඩකයන් 22දෙනෙකුගෙන් යුත් එම සංචිතයට කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ අනුමැතිය හිමි වූ බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ.

දකුණු අපි‍්‍රකානු ටෙස්ට් තරග සංචාරයට එක් නොවූ ඇන්ජලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා, ලක්ෂාන් සදකැන්, නුවන් ප‍්‍රදීප් සහ රමේෂ් මෙන්ඩිස් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලියට කැඳවා තිබෙනවා.

නිමා වූ දකුණු අප‍්‍රිකා සංචාරයේ දී දක්ෂතා අතරට පැමිණිමට නොහැකි වූ කුසල් මෙන්ඩිස් ද මෙම සංචිතයට ඇතුළත්. ආබාධවලට ලක්ව සිටි ඕෂධ ප‍්‍රනාන්දු, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් සහ ළහිරු කුමාර යන ක්‍රීඩකයන් ද එංගලන්ත තරගාවලියේ දී සිය ස්ථානය තහවුරු කර ගෙන සිටිනවා.

කෙසේ වෙතත්, ධනංජය ද සිල්වාට සහ කසුන් රාජිතට ආබාධ තත්ත්වයන් හේතුවෙන් සංචිතයේ ස්ථානය අහිමිවී තිබෙනවා. දකුණු අප‍්‍රිකා ටෙස්ට් තරග සංචාරය  සඳහා නම් කර සිටි සන්තුෂ් ගුණතිලක සහ දිල්ෂාන් මධුසංඛ යන කී‍්‍රඩකයන් දෙදෙනා ද මෙම සංචිතය සදහා ඇතුළත්ව නැහැ. ශී‍්‍ර ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ගාල්ල කී‍්‍රඩාංගණයේ දී හෙට ආරම්භවීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.