පෘතුගාල ජනපතිට කොරෝනා

පෘතුගාල ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා හට කොවිඩ් 19 ආසාදනවී ඇති බවට තහවුර‍ෙවී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එරට ජනාධිපති මාධ්‍ය ඒකකය මේ බව තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

72 හැවිරිදි ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා සිය නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

මේ වන විට පෘතුගාලයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 489,293දෙනෙකු වාර්තාවී ඇති අතර මරණ 7,925ක් සිදුව ඇති බව වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.