ඇමති වාසුදේවටත් කොරෝනා ආසාදනය වෙයි

අමාත්‍ය වාසුදේව නානායක්කාර හට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට වාර්තා වනවා. පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දුගෙන් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමක දී ඔහු තහවුරු කර සිටියේ මිට සුළු මොහොතකට ඒ සම්බන්ධයෙන් තහවුරු වූ බවයි.

මේ වන විට වාසුදේව නානායක්කාර ඇමතිවරයා ද ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් තිදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව‍ට තහවුරුවී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මන්ත්‍රී රාවුෆ් හකීම් යන අයට සහ අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු වන කුමාරසිරි හෙට්ටිගේ හට ද කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවී තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.