දින 09කට කලින් ට‍්‍රම්ප්ව එළවන්න විශ්වාසභංගයක්

සිව් වසරක් පුරා දැරූ අමෙරිකානු ජනාධිපති ධුරයෙන් සමුගැනීමට දින 09ක පමණ කාලයක් පමණත් ඉතිරිව තිබිය දී ඩොනල්ඩ් ට‍්‍රම්ප්, එම ධුරයෙන් පහ කෙරෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ. ඒ සම්බන්ධයෙන් කථානායක නැන්සි පෙලෝසි, අමෙරිකානු නීති සම්පාදකයින් සමග සැලසුම් සකස් කමින් සිටින බවට ද වාර්තා පළවනවා.

ඒ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්, බලයෙන් පහකිරීමේ යෝජනාවකට අමෙරිකානු නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලය ඡන්දය ප‍්‍රකාශ කරනු ඇති. එහි පළමු ඡන්ද විමසීම අද පැවැත්වෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. සිය පාක්ෂිකයන් කුපිත කරමින් කැරලිකාරී තත්ත්වයක් ඇතිකිරීම හා මහජන උද්ඝෝෂණ සඳහා අනුබල දීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් හට මේවනවිටත් චෝදනා එල්ලවී තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා ලෙස රාජ්‍ය පාලනය ගෙන යාමට අසාර්ථකවීම හමුවේ අමෙරිකානු ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ධුරයෙන් නෙරපා උප ජනාධිපති මයික් පෙන්ස් හට බලය පැවරීමක් සිදුකිරීම සම්බන්ධයෙනුයි මේවනවිට අවධානය යොමුව ඇත්තේ.

කෙසේවෙතත්, ඉකුත් දා පැවැති ජනාධිපතිවරණයෙන් ජය ලබා අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඩ්න්, එළඹෙන 20 වනදා සිය ධුරයේ දිවුරුම් දෙනු ඇති.

Leave A Reply

Your email address will not be published.