කොවිඩ් 19 මරණ ගණන 232ක් දක්වා ඉහළ යයි

තවත් කොවිඩ් 19 මරණ 3ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තාවී ඇති කොවිඩ් 19 මරණ ගණන 232ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙක් වන 62 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි කාන්තාවක් සහ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Leave A Reply

Your email address will not be published.