හකීම් 05 වන දා පාර්ලිමේන්තු ඇවිත්.. CCTV පරීක්ෂා කරමින් ආශ්‍රිතයන් සොයයි..

නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවූ රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය ජනවාරි මස 05 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවූ දිනයේ දී සභාවට පැමිණ සිටිය බව තහවුරුවී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වේතධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මාධ්‍යට සඳහන් කළේ පසුගිය ජනවාරි 05 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් සභා ගර්භයේ ද රැඳී සිට ඇති බවත් මේ වන විට ඔහුගේ සමීප ආශ්‍රිතයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පිහිටි CCTV ආරක්‍ෂිත කැමරා උපයෝගී කර ගනිමින් සොයමින් සිටින බවයි.

එලෙස රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමීපව ඇසුරු කළ සෙසු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු සේවකයන් වේ නම් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස දැනුවත් කිරීමට නියමිතව ඇත.

Leave A Reply

Your email address will not be published.