ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සමුුුුදී අමෙරිකාවට යන්නේ ඇයි?

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එක්දින හා විස්සයි විස්ස යන දෙඅංශයෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කළ ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සමු දී තිබේ.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත මේ බව දන්වා ඇති අතර ඔහු විසින් ඉදිරියේ දී පැවැත්වෙන කිසිදු දේශීය තරඟාවලියකට හෝ ජාත්‍යන්තර තරඟාවලියකට සහභාගී නොවන බවද පවසා තිබේ.

ජයසූරිය මෙම තීරණය ගෙන ඇත්තේ තම පවුලේ පිරිස සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචියට යාම හේතු කරගෙනය.

සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ෂෙහාන් ජාතික ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ කාලය තුළ තමාට ලබා දුන් අවස්ථාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ස්තූතිය පුද කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇති අතර ඔහුගේ අනාගත ජීවිතයට සුබ පතා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සමාජජාල වෙබ් අඩවි තුළ ශෙහාන් ජයසූරියගේ සමුගැනීම ගැන වාද විවාදයන් ආරම්භ කර ඇති අතර සමහර පිරිස් ප්‍රකාශ කර සිටින්නේ ශෙහාන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සමුදුන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නිර්මාණය කරනු ලබන නව ක්‍රිකට් කණ්ඩායමට එකතුවීමේ අරමුණින් බවයි.

Leave A Reply

Your email address will not be published.