විපක්ෂය බලාපොරොත්තුවූ කාලකන්නි සංතෝෂය ලබාදීමට ආණ්ඩුවේ අපිට නොහැකි වූවාට සමාවෙන්න – සංජීව එදිරිමාන්න

වත්මන් ආණ්ඩුවට ලෝකයේ කිසිම ආණ්ඩුවකට මුහුණදෙන්න නැති තව අතිරේක අභියෝගයකටත් මුහුණදීමට සිදුව තිබෙන බවත් ඒ වත්මන් විපක්ෂයට තිබෙන ලැජ්ජා සහගත හැසිරීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේබව පැවසූවේ අද (08) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමිනි.

විපක්ෂයට තියෙන්නේ සමාජය පිළිබඳ විරෝධයක් සහ සමාජ වෛරයක් බවත්, ඔවුන්ගේ ආණ්ඩු වෛරයට මුහුණ දෙන්න සූදානම් බවත්, විපක්ෂයේ සමාජ වෛරයට පිළිතුරක් තමන් ළඟ නොමැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ් 19 වසංගතය මැද්දේ ලංකාවේ ඇඳන් ධාරිතාව පිළිබඳ ප්‍රශ්නයක් වෙනකම්, ආසාදිතයන් සියයට 90ක් මැරිලා වැටෙනකම් විපක්ෂය බලා සිටි බවත්, ආණ්ඩුව වෙනුවෙන් තමන් එක් දෙයකට සමාව ඉල්ලා සිටින බවත් ඒ විපක්ෂය බලාපොරොත්තුවූ කාලකන්නි සංතෝෂය ලබාදීමට ආණ්ඩුවේ අපිට බැරිවූ බවත් ඔහු කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.