කොස්ගොඩ තාරකටත් කොරෝනා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතර වැනි මහලේ රඳවා සිටි නීතිඥ හිජාස් අහමඩ් හිස්බුල්ලා සහ කොස්ගොඩ තාරක ඇතුළු නවදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇතැයි ඊයේ තහවුරුවූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිර මැදිරියක සිටි රැඳවූවකට කොරෝනා වෛරසය ආසාදනයවූ බව පසුගියදා තහවුරුවීමෙන් අනතුරුව රැඳවූවන් පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේ දී මෙම නවදෙනාට වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවී ඇත.

ආසාදිතයන් කළුතර පොලිස් නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර ඇති අතර ඉදිරියේ දී සියලු ම නිලධාරීන් සහ ඉතිරි රැඳවූවන් පී.සී.ආර්. පරීක්ෂණයන්ට යොමු කිරීමට නියමිත ය.

මෙම පිරිසට වෛරසය ආසාදනයවී ඇත්තේ පොදු වැසිකිළිය භාවිත කිරීමෙන් බවයි සෞඛ්‍ය අංශ සැකපළ කරන්නේ.

Leave A Reply

Your email address will not be published.