අකිල ධනංජයට යළිත් ජාත්‍යන්තර කි‍්‍රකට් පිටිය විවෘතයි

ශ්‍රී ලංකා දග පන්දු යවන කී‍්‍රඩක අකිල ධනංජයට යළිත් ජාත්‍යන්තර කිි‍්‍රකට් පිටියට පිවිසීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ ඔහුගේ පන්දු යැවීමේ නව ඉරියව්ව නීත්‍යානුකූල බවට තහවුරුවීම හේතුවෙන්.

ඒ අනුව අකිල ධනංජයට ඉදිරියේ දී ජාත්‍යන්තර තරගවල දී පන්දු යැවීමට හැකියාව ලැබෙනු ඇති. ඔහුගේ පන්දුයැවීමේ නව ඉරියව්වට අදාළ වීඩියෝ දර්ශන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් ඉකුත් 22 වනදා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය වෙත ලබාදී තිබුණා. එම වීඩියෝ දර්ශනවලට අනුව අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්මත අංශක 15 සීමාව තුළ පවතින බවයි තහවුරුවී ඇත්තේ. අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බවට අවස්ථා දෙකක දී තහවුරු වුණා.

ඒ 2018 වසරේ දෙසැම්බර් මාසයේ දී සහ  2019 වසරේ සැප්තැම්බර් මාසයේ දී යි. ඒ අනුව 2019 වසරේ සැප්තැම්බර් 19 වනදා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් වසරක කාලයක් අකිල ධනංජයට පන්දු යැවීමේ තහනමක් පනවනු ලැබුවා. යම් පන්දු යවන්නෙකු වසර දෙකක කාලයක් තුළ දී දෙවරක් පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකින් අසමත් වුවහොත් ඔහුට මාස 12ක් පන්දු යැවීමේ තහනමක් ජගත් කි‍්‍රකට් කවුන්සලය විසින් පනවනවා.

අදාළ වසරක තහනම ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ දී අවසන්වූ අතර, ඒ අනුවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය ඔහුගේ පන්දු යැවීමේ නව ඉරියව්වට අදාළ දර්ශන ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය වෙත ඉකුත්දා යොමුකර තිබුණේ.

Leave A Reply

Your email address will not be published.