ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්යක්ෂවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අනුව හිටපු අධ්යක්ෂවරුන් වන ජීවක එඳිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (05) පස්වරුවේ උපදෙස් ලබාදී තිබුණා.