ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ සුපර් ස්ටාර් රජිනිකාන්ත් විසින් පසුගියදා ඉන්දියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් තමන් දේශපාලනයට පිවිසෙන බව පැවසීය.
නමුත් ඔහු හදිසියේම අසනීපවීම නිසා පසුගිය දිනක රෝහල් ගත කෙරුණි.
රෝහලේ ප්රතිකාර ලබාගනිමින් සිටින අතර ඔහු ප්රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ තමන් දේශපාලනයෙන් ඉවත් වන බවත්, තමන් දේශපාලනයට නොපිවිස ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සුදානම් බව ද ප්රකාශ කළේය.
තමන්ගේ රෝහල් ගතවීම දෙවියන් විසින් තමන්ට ලබාදුන් අවවාදයක් බවත්, එම අවවාදය පිළිගනිමින් මෙම තීරණය ගත් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
තමන්ගේ තීරණය නිසා ශෝකයට පත් ජනතාවගෙන් මෙන්ම ඔහුගේ ප්රේක්ෂකයන්ගෙන් ද සමාව අයැද සිටින බව ද රජිනිකාන්ත් පවසා සිටියේය.