සුපිරි නළු රජිනිකාන්ත් හදිසියේ රෝහල්ගත කරයි.. රූගත කිරීම්වලට ගිය අයට කොරෝනා..

හදිසියේ ඇති වූ දැඩි අසනීප තත්ත්වයක් හේතුවක් ඉන්දියාවේ සුපිරි නළු රජිනිකාන්ත් මහතා රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

චිත්‍රපටයක් රූගත කිරීම සඳහා හෙතෙම හයිද්‍රාබාද් නුවරට පැමිණ ඇති අතර එහිදි ඔහුගේ රුධිර පීඩනයේ ඇතිවූ හදිසි උස් පහත්වීම් හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර තිබේ.

පසුගිය දින දහය මුළුල්ලේ ප්‍රවීණ නළු රජිනිකාන්ත් හයිද්‍රාබාද් හි සිට ඇති බවත් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (25) උදෑසන ඔහු රෝහල් ගත කෙරුණු බවත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හයිද්‍රාබාද් නුවර ඇපලෝ රෝහල සඳහන් කළේය. ඔහු ඇතුළත් කර ඇත්තේ ද එම රෝහලට ය .

රජිනිකාන්ත් මහතා සමඟ රූපගත කිරීම්වලට සම්බන්ධවූ කිහිපදෙනකුට නව කොරෝනා වෛරසය ආසාදනයවූ බව දෙසැම්බර් 22 වැනිදා තහවුරුවූ බවත් කෙසේ නමුත් රජිනිකාන්ත් මහතාට වෛරසය ආසාදනයවී නැති බවත් පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරුවූ බවත් රෝහල නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

රජිනිකාන්ත් වෙනමම තබා ඔහුගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද රෝහල සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.