කොරියානු සිනමාවේ මහා සිනමාකරුවා කොවිඩ් ගිලගනී

“3-Iron”, “Pieta”, “Spring Summer Fall Winter.. And Spring”, “The Bow”, “Isle” වැනි අතිවිශිෂ්ට කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ජනප්‍රිය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ Kim Ki Duk මහතා Covid 19 ආසාදනය හේතුවෙන් මිය ගිය බව වාර්තා වේ. ඔහු සිනමා තිර රචකයෙකු ලෙස ද සම්මාන ලබා ඇති පතිභාපූර්ණ කලාකරුවෙකි.

මිය යන විට ඒ මහතා 59 වන වියේ පසුවිය.

සාර්ථක ලෙස සංකේත භාවිතයෙන් රූපරචනය කිරීමේ අතිදක්ෂයෙකු ලෙස ඔහු සිනමා ලොව ප්‍රසිද්ධියක් ඉසිලූ අතර Golden Lion, Silver Lion for Best Director ඇතුළු සම්මාන රැසකට ම හිමිකම් කී අග්‍රගන්‍ය සිනමාකරුවෙකු ලෙස ද හැදින්විය හැකිය.

Leave A Reply

Your email address will not be published.