ජෝ බයිඩ්න් සමග බල හුවමාරුව ආරම්භ කිරීමට ට්‍රම්ප් එකඟ වෙයි

අමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩ්න් සමග සිදු කිරීමට නියමිත බල හුවමාරුව ආරම්භ කිරීමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකගතාව පළ කර තිබෙනවා.

සිදුවන බල හුවමාරුව පිළිබද ෆෙඩරල් ඒජන්සිය පූර්ණ අධීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි. ජනාධිපතිවරයෙකු ධුුරයෙන් ඉවත්වී නව ජනාධිපතිවරයෙකු පත්වන විට සිදුවීමට අවශ්‍ය සියලු ම ක්‍රියාවන් මෙහිදී අධීක්ෂණයට ලක්වනවා. මිචිගන් ප්‍රාන්තයේ මැතිවරණ ජයග්‍රහණය ජෝ බයිඩ්න් හට හිමිවූ බව නීත්‍යානුකූලව තහවුරු කිරීමත් සමගයි ට්‍රම්ප් බල හුවමාරුව සදහා එකගතාව පළ කළේ. මැතිවරණ ප්‍රතිඵලවලට විරුද්ධව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය ඉදිරියේ ගොනු කළ පෙත්සම් ද විභාගයකින් තොරව නිශ්ප්‍රභ කෙරුණා. ඒ අනුව තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩ්න් ජනවාරි විසි වන දින අමෙරිකාවේ හතළිස් හය වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.