මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානයට TNA විරුද්ධයි

කොරෝනා වෛරසය ආසාදිතවීමෙන් මෙරටදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු මන්නාරම වැනි අධික රශ්මිය සහිත පළාතක භූමදානය කිරීමට මුස්ලිම් දේශපාලනඥයන් රජයෙන් කරන ඉල්ලීමට දෙමළ ජාතික සන්ධානය එකග නොවන බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මන්නාරමේ සිට විශේෂ නිවේදනයක් නිකුත් කරන මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කරන්නේ මුස්ලිම් දේශපාලනඥයන් විසින් කොරෝනා රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට ඉල්ලා සිටින යෝජනාවට ද දෙමළ ජාතික සන්ධානය විරුද්ධ වන බවයි.

මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට රජයෙන් අවසර ඉල්ලා සිටි අවස්ථාවේ දී සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරන තොරතුරු පදනම් කරගෙන මුස්ලිම් දේශපාලනඥයන් එම මළ සිරුරු මන්නාරම වැනි රශ්මිය අධික පළාත්වල භූමදානය කිරීමට රජයට යෝජනා කොට ඇති බව සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කරයි.

නමුත් දෙමළ ජාතික සන්ධානය මන්නාරම ඇතුළු මේ රටේ දෙමළ වැසියන් ජීවත්වන කිසිදු පළාතක කවර ජාතියකට අයත් වුවත්, කොරෝනා රෝගීන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට තදින්ම විරෝධය පළකරන බව මන්ත‍්‍රීවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

Leave A Reply

Your email address will not be published.