ප්‍රවීණ ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අවසන් කටයුතු පිලිබඳ තවම තීරණය කොට නැහැ. ඔහු මොරටුව රාවතාවත්ත පොල්කොටුව පාරේ පදිංචිව සිටියා.

සඳ පාන වගේ ඔබේ රුව දිලිසිලා, රුවන් මාලිගා නැත මා හට, ගොළු හදවත විවර කරන්න, ආවේ වන බඹරෙක් වාගේ, එගොඩ ගොඩේ මල් නෙලනා, සුපුන් සඳක් අහසේ පාවුණා, මාගේ පාසල් කාලය, දෝන කතිරිනා ඉස්සර මගදී හමුවෙලා, පෙම්බර සුරංගනාවී , ගෙවල් ගානේ ගිහින් මනාලියක් බලන්න, පාන්දරින් පාන් මාම, තරුණ ජීවිතේ , ෆර්නැන්ඩෝ ෆර්නැන්ඩෝ මමත් ෆර්නැන්ඩෝ , රන් කිරිල්ලියේ පියා සලාලා, වියෝලේ නාදේ වැනි ජනප්‍රිය ගීත රැසක් ඔහු ගායනා කොට තිබෙනවා.

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි වේග රිද්ම ගායන ශිල්පියෙකු වූ පොල් ප්‍රනාන්දු මහතාගේ අභාවය ඔහුගේ රසිකයන්ට ශෝක ජනක එකක් වනු ඇති.

Leave A Reply

Your email address will not be published.