ප්‍රවීණ සිනමා නළුවෙක් කොවිඩ් 19 ආසාදනයෙන් මියයයි

ප්‍රවීණ සිනමා නළුවෙක් වන ඉන්දීය සෞමිත්‍රා චැටර්ජි කොවිඩ් 19 ආසදිතව මියගොස් ඇත. ආසාදනය හේතුවෙන් මිය යද්දී 85 වියැති ඔහු පසුගිය ඔක්තෝබර් 6 වනදා කොල්කටා නුවර රෝහලකට ඇතුළත් කෙරුණේ කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් බව වාර්තා වේ.

තිර රචකයෙකු, වේදිකා නළුවෙකු සහ කවියෙකු ලෙස කටයුතු කර ඇති ඔහු සිනමා නිර්මාණ 300කට පමණ දායකවී ඇති බව පැවසේ. එමෙන්ම ඔහුගේ චිත්‍රපට 14ක ප්‍රධාන නළුවා ලෙස ද රඟපා තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.