ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර මහතා අද (14) උදෑසන අභාවප්‍රාප්ත විය.
ඒ, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ය. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 61කි.
රූපවාහිනී කලාකරුවෙකු, මාධ්‍යවේදියෙකු ලෙස ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියෙන් සිය වෘත්තීය ජීවිතය අරඹන සිඩ්නි චන්ද්‍රසේකර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.
ශ්‍රී ලංකාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත් ටෙලිනාට්‍ය රැසක් නිර්මාණය කළ ප්‍රවීණ ටෙලි නාට්‍ය නිර්මාණකරුවෙකුවූ ඒ මහතා විසින් මෙරට රූපවාහිනී ක්ෂේත්රයේ ප්‍රධාන තනතුරු රැසක් හොබවනු ලැබිණි.
මෙරට ගේය පද රචනා කලාවේ වෙනසක් කළ සිඩ්නි චන්ද්‍රසේකර මහතා නිර්මාණ රැසකින් ජනප්‍රියත්වයට පත්විය.