කොරෝනා නිසා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 98ක් මියගිහින්..

කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 98දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන් අතරින් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැද පෙරදිග රටවලින් බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව සෞදි අරාබියේදී ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු මියගොස් ඇති අතර කුවෙට්හි දී 21 දෙනෙකු මියගොස් තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු ද, කටාර්හිදී 6 දෙනෙකු ද , බ්‍රිතාන්‍යයේ දී 5 දෙනෙකු ද මියගොස් ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

අමෙරිකාවේ දී සහ කැනඩාවේ දී ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා බැගින් ද , බහරේන්, ජෝර්දාන් , ජර්මනිය සහ ඉතාලිය යන රටවල දී ශ්‍රී ලාංකිකයන් දෙදෙනා බැගින්ද කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මියගොස් තිබේ.

ඊට අමතරව ඊශ්‍රායලයේ දී ද එක් ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මියගොස් ඇති බව විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.