ප්රවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී. ආරියසිංහ මහතා අභාවප්රාප්තවී තිබේ.
අද (09) පෙරවරුවේ සිය නිවසේ දී ආරියසිංහ මහතා අභාවප්රාප්තවූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.
මියයන විට ඒ මහතා 64 වන වියේ පසුවිය.
මා ළඟටම තව ළංවෙලා, මහ වැස්සට පෙර, තිසර තුඩට, හිත නාඳුන්න කිරිල්ලි වැනි ගීත රැසක් ගායනා කරමින් රසික හදවත් දිනා සිටි ඒ මහතා දීර්ඝ කාලයක සිට රෝගාතුරව සිටියේය.