අමෙරිකාව සමග ට‍්‍රම්ප්ට බිරිඳත් අහිමි වෙයිද?

අමෙරිකානුවන් මිලියන 71ක් පමණ ඩොනල්ඞ් ට‍්‍රම්ප් යළි ජනාධිපති කරවීම සඳහා ඡන්දය ප‍්‍රකාශ කර තිබුණත්, ජනපති ආර්යා මෙලේනියා ට‍්‍රම්ප්, ඔහුගේ පරාජය අපේක්ෂාවෙන් සිටිය බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඊට හේතුව ලෙස ඔවුන් පවසන්නේ මෙලේනියා ට‍්‍රම්ප් කලක පටන් ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන් දික්කසාදවීමට උත්සහ කරමින් සිටින බවයි.

ඊට අදාළ පූර්ව සැලසුම් මෙලේනියා විසින් මීට පෙර සකස් කර තිබුණත්, 2016 වසරේදී ඩොනල්ඞ් ට‍්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරීපත්වීම නිසා දික්කසාදවීමේ තීරණය ආපසු හැරවීමට ඇයට සිදුවූ බව විදෙස් මාධ්‍ය පවසනවා. ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉකුත් ජනාධිපතිවරණයෙන් ජයලැබූ පසු මෙලේනියා ට‍්‍රම්ප් සිය මිතුරියක් සමග හඬමින් පවසා ඇත්තේ ඔහු ජය ලබනු ඇතැයි තමන් කිසිදා නොසිතූ බවයි. ඇය, මෙතරම් කලක් ඩොනල්ඞ් ට‍්‍රම්ප් සමග ජීවත්වී ඇත්තේ ඔවුන්ගේ පුත‍්‍රයා හේතුවෙන් බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙවර ජනාධිපතිවරණයෙන් පරාජයවී ඇති බැවින් මෙලේනියා ට‍්‍රම්ප් ඔහුගෙන් දික්කසාද වනු ඇතැයි මත පළ වනවා.

Leave A Reply

Your email address will not be published.