තවත් ක්ෂේත්‍ර දෙකක පුද්ගලයන්ට සහනයක්..

පුද්ගලික ආරක්ෂක සේවාවල නිරත පුද්ගලයන්ට ආයතනික හැඳුනුම්පත ඉදිරිපත් කර ඇඳිරිනීති කාලය තුළ රැකියා සඳහා ගමන් කළ හැකි බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ආර්ථික මධ්‍යස්ථාන සඳහා භාණ්ඩ ප්‍රවාහනය කරන පුද්ගලයන්ට ද එම ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුගේ ලිපියක් ඉදිරිපත් කිරීමෙන් ප්‍රවාහනයට අවසර හිමිවන බව ය.

රජයේ සහ රාජ්‍ය නොවන ආයතන 107ක සේවකයන් සඳහා රැකියා හැඳුනුම්පත ඉදිරිපත් කිරිමෙන් ගමනා ගමනයට අවසර ලබා දී තිබේ.

මේ අතර ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 150දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 21ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Leave A Reply

Your email address will not be published.